විදුහල්පති පණිවිඩය
එල්.පී.ඒ.කේ.ලියනපතිරණ
මො/කුඩාඔය මහා විද්‍යාලය යම් කාලයක් තිස්සේ විවිධ තාඩන පීඩන මැද්දේ ඉදිරියට කෙමෙන් කෙමෙන් ඇදී ආ පාසලක්.නමුත් මේ මෑත කාලය තුළදී විවිධ ජයග්‍රහණ සහ කීර්තිය ලබා ගනිමින් නැවුම් මාවතකට පිවිසෙමින් සාර්ථකත්වය කරා වේගයෙන් පිය නගින මෙම ප්‍රදේශයේ ඇති කුඩා පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශය ද විවිධ අග හිගකම් ඔස්සේ පවත්වා ගෙන යනු ලබන අතර පරිගණක උපාංග වල ගැටළු මෙන්න විදුලි සම්බන්ධතාවයේ ද ගැටළු රැසක් ද මේ වන විටත් පවතී.නමුත් පවතින සම්පත් කළමණාකරනය කරගනිමින් සුසුන් සයිබර් ලොවට පියාපත් වැඩසටහනට සාර්ථකව සහභාගී වූ අතර ඉන් ලද දැනුමෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම ද සිදු කරන ලදි. අප පාසල වෙනුවෙන් නිර්මාණය කරණු ලබන මෙම වෙබ් අඩවිය ද අප පාසලට ඉතා වටිනා සම්පතකි. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගමි.
එල්.පී.ඒ.කේ.ලියනපතිරණ
විදුහල්පති
මො/කුඩාඔය මහා විද්‍යාලය.





