- කුඩාඔය ප්‍රදේශයට හීවැල්කදුර ප්‍රදේශයෙන් පැමිණෙන විශ්‍රාමික ගුරු මහතෙකුගේ සහයෙන් සිසුන් කිහිප දෙනෙකුට ඉගැන්වීම් කටයුතු සිදුකොට ඇත.එම ගුරුවරයාට ගුරු පඩුරු වශයෙන් එක් ළමයෙකු සහල් සේරු එකක් පොල් ගෙඩි එකක් හා ශත විසිපහක් ලබා දී ඇත.
- ඒ අනුව කුඩාඔය විද්‍යාලයක උපත ආරම්භ වී ඇත.මෙම කාර්යට උරදුන් "ඩි.එච් සෙනවිරත්න" පියතුමන් විසින් මෙම අදහස එවකට පැවති ග්‍රාම සංවර්ධන සමිතිය දක්වා ගෙනගොස් ඇත.එහි ලේකම් ධූරය දැරු එතුමන් එහිදි විද්‍යාලයක් ආරම්භ කිරිමේ කතිවත සිදුකර ඇත.
- 1995-05-04 දින "ඩී.ආර් රන්වල නැමැති මුල් ගුරුතුමා" ගේ ප්‍රධානත්වයෙන් මො/කුඩාඔය කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කර ඇත.
- 1959-05-15 දින සිට 1559-12-31 දින දක්වා "පී.පී.ඩී සිරිපාල නැමැති ගුරුතුමා" යටතේ මො/කුඩාඔය විද්‍යාලය පාලනය වී ඇත.
- පසුව පාසලේ භාරකාරත්වය 1960-01-01 දින සිට "ඩී.එස් ගුරුසිංහ මුල් ගුරුතුමා" ට පැවරි ඇත.





