කුඩාඔයේ ගං ඉවුරේ නැළවෙන
ඌවේ සිරිලක අභිමානේ
වීර දූ පුතුන් සදා බිහිකරන
ජනරංජන මහ විදුමෑණි
වඳිනෙමු පුදනෙමු සිරස නමා
වඳිනෙමු පුදනෙමු හදබැති පා....//
සරස්වතිය මුව අග රඳවා
නැණ ගුණදම් සතුටින් කැදවා
ආලෝකය දෙන ඔබ සැමදා
බැබළේ බැබළේ දියත පුරා
වඳිනෙමු පුදනෙමු සිරස නමා
වඳිනෙමු පුදනෙමු හදබැති පා....//
ජාතියේ සම්පත ඔබයි අපේ
දියුණුවේ මාවත ඔබයි අපේ
ප්‍රඥා දීපය ඔබයි අපේ
විමුක්තියේ ජයටැඹයි අපේ
වඳිනෙමු පුදනෙමු සිරස නමා
වඳිනෙමු පුදනෙමු හදබැති පා....//





