මොනරාගල දිස්ත්‍රික්කයේ එවකට මොනරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ලවාය ආසනයේ පිහිටි එක්තරා පුංචි සුන්දර ගමක් වු ඌව කුඩාඔය ගම්මානය පිහිටීම අතින් සුන්දර ඔයවල් දෙකකින් වටවී.ඒ මෙන්ම වැව් හා කුඹුරු යාය වලින්ද සමන්විත වු මෙම ගම්මානය එකල ඉතා කටුක පරිසරයක පිහිටා ඇත.මෙහි හේන ගොවිතැන් තම ජීවනෝපාය ලෙස පැවති ඇත.ඒ අතර සිටින වැඩිම පිරිස නූගත් අය වේ.එහෙත් එම ප්‍රදේශයට පිටින් පැමිණ ජීවත් වු කිහිප දෙනෙක් උගත් අයද සිට ඇත.එම දෙමාපියන්ගේ සිහිනය වී ඇත්තේ තම දු දරුවන්ටද අධ්‍යාපනය ලබාදීමයි.
එවන් පියෙකුගේ සිහිනය සැබෑ කර ගැනිමේ උත්සහයක් පියවරක් ලෙස කුඩාඔය ප්‍රදේශයට හීවැල්කදුර ප්‍රදේශයෙන් පැමිණෙන විශ්‍රාමික ගුරු මහතෙකුගේ සහයෙන් සිසුන් කිහිප දෙනෙකුට ඉගැන්වීම් කටයුතු සිදුකොට ඇත.එම ගුරුවරයාට ගුරු පඩුරු වශයෙන් එක් ළමයෙකු සහල් සේරු එකක් පොල් ගෙඩි එකක් හා ශත විසිපහක් ලබා දී ඇත.ඒ අනුව කුඩාඔය විද්‍යාලයක උපත ආරම්භ වී ඇත.මෙම කාර්යට උරදුන් ඩි.එච් සෙනවිරත්න පියතුමන් විසින් මෙම අදහස එවකට පැවති ග්‍රාම සංවර්ධන සමිතිය දක්වා ගෙනගොස් ඇත.එහි ලේකම් ධූරය දැරු එතුමන් එහිදි විද්‍යාලයක් ආරම්භ කිරිමේ කතිවත සිදුකර ඇත.ඉන්පසු ප්‍රදේශයේ ජනතාවගේද සහයෝගය මත නෙරළු ගහ ඉඩම නැමැති දැනට පාසල පවතින ඉඩමේ පොල් අතු සෙවිලි කොට ගොඩනැගිල්ලක් සාදන ලදි.
ඒ අනුව දැනට සොයාගත හැකි තොරතුරු අනුව 1995-05-04 දින ඩී.ආර් රන්වල නැමැති මුල් ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මො/කුඩාඔය කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කර ඇත.එහිදි පළමු ශිෂ්‍යා ලෙස ලේඛන ගත කිරිම සිදුකර ඇත්තේ ආර්.එම් ලීලසේන නැමැති අයයි.රංවල නැමැති මුල් ගුරුතුමා 1995-05-15 දින මෙම ප්‍රදේශය අතහැර ගොස් ඇත.ඉන් පසු 1959-05-15 දින සිට 1559-12-31 දින දක්වා පී.පී.ඩී සිරිපාල නැමැති මුල් ගුරුතුමා යටතේ මො/කුඩාඔය විද්‍යාලය පාලනය වී ඇත.එතුමාගෙන් පසුව පාසලේ භාරකාරත්වය 1960-01-01 දින සිට ඩී.එස් ගුරුසිංහ මුල් ගුරුතුමාට පැවරි ඇත.
මෙම කාලය තුලදි වැඩිහිටියන්ටද අධ්‍යාපනය ලබාදීම අවශ්‍ය බව පෙන්වා දුන් එතුමා ඒ සදහාද කටයුතු සලසා ඇත.එහෙත් ප්‍රදේශයේ සිටි එක්තරා ව්‍යාපාරිකයෙකු ඒ සදහා තදින් විරුද්ධ වී ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් පැරණි පාසල් ගොඩනැගිල්ලට ගිනිතබා ඇතිබව පැරණි ගම්වාසින්ගේ අනුමානය වි ඇත.මෙසේ පාසල ගිනි තැබීම නිසා එහි වු ලියකියවිලි විනාශයට පත්වී ඇත.
ඉන්පසු ගම්වාසින් හා මාතර ප්‍රදේශයෙන් පැමිණි දැව ව්‍යාපාරිකයෙකු හා එක්ව නැවතත් පාසල ගොඩනගා ඇත.එහිදි පාසලට අවශ්‍ය ලී දඩු පොල් අතු හා හුණු සපයා ඇති අතර පාසලේ වැඩිහිටි සිසුන්ගේද සහය ඇතිව ගොඩනැගිල්ලක් ලෙස සකස් කොට ඇත.එම ගොඩනැගිල්ල අදටත් පාසලේ ප්‍රධාන ශාලාව ලෙස පවති.
එහි පළමු විදුහල්පතිවරයා ලෙස 1960-10-01 දින එච්.එම්.සී වටගොඩකුඹුර මුල් ගුරුතුමානන් පාසලේ නැංවීම කාර්යයයේ නිරත වී ඇත.
ඒ අනුව පාසල තුල හා ප්‍රදේශයේ සැමට සාරධර්ම වර්ධනය කිරිටම වෙනුවෙන් බුදු මැදුරක්ද සාදන ලදී.එකල ප්‍රදේශයේ පන්සලක්වත් නොතිබි ඇති අතර එම බුදු මැදුර පාසලේ දරුවන්ට මෙන්ම ප්‍රදේශවාසින්ටද ආගමික කටයුතු සදහා විශාල රුකුලක් වී ඇත.ඉන්පසු එතුමන් 1967-12-31 දින වෙනත් පාසලකට මාරු වී ගොස් ඇත.
ඉන්පසු 1968-01-01 සිට විදුහල්පතිතුමන්ලා බොහෝ පිරිසක් මෙම විද්‍යාලය ඉදිරියට ගෙන ඒමේ තම මෙහෙවර ඉතාමත් උසස් ලෙස ඉටුකොට ඇති අතර එම මෙහෙවරේ ප්‍රසංශනීයත්වය ඔවුනට පුද කිරිමට අද වන විට මො/කුඩාඔය කනිෂ්ඨ විද්‍යාලය නමින් 1959-05-04 දින උපත ලැබූ ළදරුවා 2008-10-28 දින මහා විද්‍යාලය නැමැති ළමයා බවටත් 2015-06-29 වන විට ද්විතීයීක විද්‍යාලය නැමැති යෞවනත්වය දක්වා වැඩී ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1959-05-04 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.ආර් රන්වල |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩි.එච් සෙනවිරත්න මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො/කුඩාඔය කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩි.එච් සෙනවිරත්න මහතා |
|
පාසල මහා විද්‍යාලයක් බවට පක්වූ දිනය |
2008-10-28 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඌව/ කුඩාඔය නෙරළු ගහ ඉඩම නැමැති දැනට පාසල පවතින ඉඩමේ පොල් අතු සෙවිලි කොට ගොඩනැගිල්ලක් |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.එම් ලීලසේන |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1959-05-04 දින |





